නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ මීගමුව සහකාර පොලිස් අධිකාරි කාර්යාලය එක්වයි වැටලීම සිදුකළේ. ඒ මීගමුව පෝරුතොට ප්‍රදේශයේදී.
සැක සහිත නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශිය දුම්වැටි ඇසුරුම් 450 ක් සොයාගත්තා. ඒවා අළෙවිය සඳහා සූදානම් කර තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පෝරුතොට කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මේ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 520 ක් සමඟ කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. ඒ මහමෝදර ප්‍රදේශයේදී. ඔවුන් ළඟ තිබී රුපියල් අනූ හයදහසක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/06/dumweti.jpg”]