fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ප්‍රජා ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලේ

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2020 17:07

ජාතික ප්‍රජා ජල ව්‍යාපෘතිය ඇතුලු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන කාර්ය සාධක බලකායේ අවධානය යොමු කෙරුණා.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. වව්නියාව,  අනුරාධපුර උතුර, මාතලේ, දැදුරුජල සැපයුම්, කිරමකටුවන ඒකාබද්ධ ජල සැපයුම්, රුවන්වැල්ල ආදී ජල ව්‍යාපෘති පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. එමෙන්ම පොල්ගහවෙල පොතුහැර හා අලව්ව ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය, කැලණිය මෙන්ම කටාන ජල සැපයුම් ව්‍යාපෘතිය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. මේ අතර ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ආරම්භ කළ ව්‍යාපෘති 22 ක ප්‍රගතිය මෙම කාර්ය සාධක බලකාය මගින් විමසා බැලුවා. ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට ඉදිරි අයවැයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2020 17:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo