ජලය මතින් භාණ්ඩ රැගෙන යාම සඳහා යොදා ගන්නා බත්තලක් වසර ගණනාවක සිට මාරවිල මුහුදු තීරයේ පැවතීම හේතුවෙන් ධීවරයන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.
අඩි 200 ක් පමණ දිගින් යුත් මෙම බත්තල 2011 වසරේ සිට මෙම මුහුදු තීරයේ පවතිනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම කාලයේදී ආරම්භ කළ වෙරළ සංරක්ෂණ කටයුතු සදහා මුහුදු මාර්ගයෙන් කලුගල් රැගෙන ඒම සඳහායි මෙය යොදාගෙන ඇත්තේ. 2013 වසරේදී ව්‍යාපෘතිය අවසන් වුව ද බත්තල ඉවත් කිරීමේ බලය පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මෙතෙක් පවරා නැති බවයි වාර්තා වන්නේ. කෙසේ වුව ද ටෙන්ඩර් කැඳවා මෙය ඉවත් කිරීමට පියවර ගත්ත ද මෙතෙක් එය ඉවත් කර නැති බවයි අප වාර්තාකරු පවසන්නේ.