මීගමුව බන්ධනාගාරයේ හදිසි සෝදිසියකින් ජංගම දුරකථන 61 ක් සොයාගෙන තිබෙනවා.
සිම් කාඩ්පත් 51 ක්, බැටරි 71 ක් සහ දුරකථන චාජර් 30 ක් ද සොයාගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 ක් ද සොයා ගත්තා. බන්ධනාගාර බුද්ධි අංශයයි හදිසි වැටලීම සිදුකළේ.