තෙලඟනා ප්‍රාන්තයේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රූගත කිරීමට අවසර
Related Articles
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රූගත කිරීම් සඳහා අවසර ලබාදෙන බව ඉන්දියාවේ දකුණුදිග තෙලඟනා ප්‍රාන්තය ප්‍රකාශ කළා.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ සති කිහිපයකට ඉන්දියාව වසාතැබීමටයි බලධාරීන් පියවර ගත්තේ. මේ වනවිට අදියර කිහිපයක් යටතේ සීමා ලිහිල් කර තිබෙනවා.
සුළු සේවක පිරිසක් යොදා ගනිමින් සමාජ දුරස්ථභාවය සහ සෙසු සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුගමනය කර රූගත කිරීම් සිදුකරන ලෙසට දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එහෙත් තවදුරටත් සිනමාශාලා වසාදැමීමට තීරණය කර තිබෙනවා.