fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට පමණයි

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2020 17:04

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය අනිවාර්ය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒකගත්වය පළකර තිබෙනවා.

කොවිඩ් නයිටීන් වසංගතය හේතුවෙන් මෙතක් සමාන්‍ය පරිදී ක්‍රියාත්මක නොවූ පොදු ප්‍රවාහන සේවා දිවයින පුරා අද සිට සාමාන්‍ය පරිදී ආරම්භ කෙරුණා. පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් විශේෂිත සාකච්ඡාවක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුනා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ලංගම හා පෞද්ගලික බස් රථ සේවා සදහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම, බස්ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීම, උසස් ප්‍රමිතියෙන් යුතු බස් රථ පමණක් පොදු ප්‍රවාහන සේවා සදහා යොදා ගැනීම, ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව උසස් ප්‍රමිතියෙන් යුතු පහත් පතුල් සහිත බස් රථ මිලදී ගැනීම සදහා රාජ්‍ය බැංකු අනුග්‍රහයෙන් සහන පොලි අනුපාත යටතේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට ද මෙහිදී ඒකගතාව පළවුණා.

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් ධාවනය නොකිරීම නිසා පෞද්ගලික බස්රථ වල බැටරි, ටයර් ආදිය දුර්වල වීම ඇතුළු යාන්ත්‍රික දෝෂ සකස් කර ගැනීමට රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් ලබා දෙන ලෙස බස්රථ සංගම් කළ ඉල්ලීමට ජනාධිපතිතුමාගේ ඒකගත්වය පළවුණා. දැනට ප්‍රමාද වී ඇති ලීසිං වාරික සදහා සහන කාලයක් ලබා දීම ද මෙහිදී අවධානය යොමු වුණා. පෞද්ගලික බස් රථවල කල්ඉකුත්වී ඇති රක්ෂණ සදහා මාස තුනක් දක්වා රක්ෂණ කාලය දීර්ඝ කිරීම පිළිබදවද සාකච්ඡා කෙරුණා. ආසන ගණනට අනුව මගී ප්‍රවාහනය කිරීම අනිවාර්ය කෙරෙන අතර සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපැදිය යුතු වනවා. දුම්රියවල සිටගෙන ගමන් කිරීම සදහා ඉඩ සැලසීම සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදී සිදු කිරීමට නියමිතයි.  සමස්ථයක් ලෙස රටතුළ පොදු ප්‍රවාහන සේවා සියයට අනූපහක් සාර්ථක අයුරින් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2020 17:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්