නව බන්ධනාගාර කොමසාරිස් වැඩ භාර ගනී
Related Articles
නව බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස තුෂාර උපුල්දෙණිය මහතා අද වැඩ භාර ගත්තා.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා ආර්ථික විද්‍යාව, කළමනාකරණය, අපරාධ විද්‍යාව ඇතුළු විෂයන් රැසකින් උපාධි සහ පශ්චාත් උපාධි ලබා ගැනීමට සමත්වී තිබෙනවා. බන්ධනාගාර මූලස්ථානයේදී සිය වැඩ භාර ගැනීම සිදුකළ තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ බන්ධනාගාර ක්ෂේත්රයේ පවතින අභියෝග ජය ගැනීමට තමන් සූදානම් බවයි.