ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ පවතින විරෝධතා අතරතුර පොලිසිය සහ විරෝධතා කරුවන් අතර දරුණු ගැටුම් හට ගෙන ඇති බව වාර්තා වනවා.
ලන්ඩන් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකදී ගැටුම හටගෙන තිබෙනවා. විරෝධතාකරුවෙකු සිදුකළ ගල් ප්රහාරයකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා. එහිදී විරෝධතාකරුවන් 20කට ආසන්න පිරිසක් සහ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.