අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50 ක් පිරීම වෙනුවෙන් ඒ මහතා ඊයේ ස්වාධීන රූපවාහිනිය සමග විශේෂ සජීවී පිළිසදරකට එක්වුණා. ස්වාධීන රූපවාහිනී සේවයේ 41 වන සංවත්සරයට ද සමගාමීවයි මෙම සජීවී පිළිසදර සංවිධාන කෙරුණේ.
වික්රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්රධාන කාර්යාල පරිශ්රය වෙත පැමිණි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා, සභාපති සුදත් රෝහණ, ප්රධාන විධායක නිලධාරී නලීන් කුමාර නිශ්ශංක යන මහත්වරුන් ඇතුලු ඉහළ කළමනාකාරිත්වය විසින් හරසරින් පිළිගනු ලැබුවා. අග්රාමාත්යවරයාගේ 50 වසරක දේශපාලන දිවිය හා ස්වාධීන රූපවාහිනියේ 41 වන සංවත්සරය කෙක් කපා සැමරීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා ද මීට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/IAF7SLTBFgY”]