ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා. මංතීරු නීතියද අද සිට ක්‍රියාත්මකයි.
රථවාහන තදබදය අවම කිරීමේ අරමුණෙනුයි මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරුණේ. පසුගිය කාලය තුළ ඇති වූ තත්ත්වයත් සමග මංතීරු නීතිය ක්‍රියාවට නැංවූයේ නැහැ. එහෙත් අද සිට එම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනවා. පෙරවරු හයේ සිට නවය දක්වා මොරටුව කුරුස මංසන්ධියේ සිට කොළඹ දක්වාත් පස්වරු හතරේ සිට රාත්‍රී හත දක්වා කොළඹ සිට මොරටුව දක්වාත් මංතිරු නීතිය ක්‍රියාත්මක වනවා. මංතීරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණයට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම,මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන සැපයුම් දාම අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ti2ZAx26wHo”]