මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ සාකච්ඡාවක් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. මේ අතර මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී දෙපාර්ශ්වයක් අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.
මැතිවරණ මහ ලේකම් කාර්යාලය අභියසදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ සිංහලේ ජාතික සංවිධානයයි. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිවීම සහ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය යන කරුණු මුල්කර ගනිමින් එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. එහිදී නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා හා සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ප්‍රියසාද් ඩෑන් මහතා අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QPA8QkXCZXk”]