මීනියා පොලීසිය විසුරුවා හැරිය යුතු බව මීනියා පොලිස් නගර නිලධාරීන් ප්‍රකාශ කරයි
Related Articles
ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී ගැටුම් මධ්‍යයේ මීනියා පොලීසිය විසුරුවා හැරිය යුතු බව මීනියා පොලිස් නගර නිලධාරීන් ප්‍රකාශ කරනවා.
මීනියා පොලිස් නගර බලධාරීන් 13 දෙනාගෙන් 9 දෙනෙකුම මෙම තීරණය සඳහා එකග වී තිබෙනවා. මහජන ආරක්ෂාව සදහා නව මොඩලයක් ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා මෙම විසුරුවා හැරීම සිදුකළ යුතු බවයි ඔවුන්ගේ අදහස. ජාතිවාදී ගැටුම් ඇමෙරිකාව පුරා උද්ගතව ඇත්තේ මීනියා පොලිස් භාරයේ සිටි කළු ජාතිකයෙකු ඝාතනය වීමත් සමගයි. ජෝර්ජ් ෆොයිඩ් නම් එම පුද්ගලයාගේ අවසන් කටයුතු අගහරුවාදා දිනයේදී සිදු කිරීමට නියමිතයි.