නව්‍ය කොරෝනා ව්‍යාප්තියත් සමග මේ වන විට පීසීආර් පරික්ෂණ 75239ක් සිදු කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
ඊයේ (06) දිනයේ දී හදුනාගත් රෝගීන් 13 දෙනා සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හදුනාගත් කොරෝනා රෝගීන්ගෙන් 912 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිතව 46 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය අධීක්ෂණයට යටතේයි. 891 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී වාර්තා වූ කොරෝනා රෝගීන් 13 දෙනාගෙන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්. 3 දෙනෙකු රුසියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා කුවේට් සිට පැමිණි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.