fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණය සඳහා පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොළොන්නරුවේදී

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 11:13

මහ මැතිවරණය සදහා පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වුණා.

ගම දැනුවත් කරමු,  අපි නැගිටිමු යන තේමාවෙනුයි දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණේ. ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව මැතිවරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කෙරුණා.

මෙම අවස්ථාවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ යහපාලන ආණ්ඩුකාලය තුළ ඇති කළ දහ නව වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිකළ යුතු බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්