fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාතාල කෙරුමෙක් මිනුවන්ගොඩදී පොලිස් වෙඩි පහරින් මරුට

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 11:59

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් මිය ගොස් තිබෙනවා.

රත්මලාන සහ මොරටුව ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ මනුෂ්‍යඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන මොහු විවිධ නම්වලින් පෙනී සිට ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලිස් වසමේ බල්ලපාන ප්‍රදේශයේ නිවසක සැගව සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව කැළණිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

අනතුරුව පොලිසිය වෙඩි තබා ඇති අතර එහිදී සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියා. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා බල්ලපාන දිවුලපිටිය ප්‍රදේශයේ තවාකාලිකව පදිංචි වී සිට තිබෙනවා.

ගල්කිස්ස මොරටුව ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව  මෙම සැකකරු පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බවටයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 11:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්