මැතිවරණය සඳහා පෙරහුරුවක් අද (07) පැවැත්වෙනවා. ඒ පෙරවරු 10 සිට දහවල් 12 දක්වා අම්බලන්ගොඩ විහාරස්ථානයේදී.
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම අරමුණ බවයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා පවසන්නේ.
ඡන්ද දායකයෙකුට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතය ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු වනවා.
පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් මුඛ ආවරණ හා විෂබීජහරණ දියර යොදා ගැනීම සම්බන්ධයෙන් ද පෙරහුරුව පැවැත්වෙන බවයි අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. ජාතික හැදුනුම්පත පරික්ෂා කරන ආකාරය සම්බන්ධ කරුණු ද පෙරහුරුවට ඇතුලත්.