මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ලෙබනනයේ සිටින ශි‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් නොමිලේ පී සී ආර් පරික්ෂණ සිදු කිරිමට එරට රජය එකඟතාව පළකර තිබෙනවා.
ඒ ලෙබනනයේ සිිටින ශි‍්‍ර ලංකා තානාපතිනිය සහ එරට කම්කරු අමාත්‍යවරිය අතර පැවති සාකච්ජාවෙන් අනතුරුවයි. කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලෙබනනයේ සිටින ශි‍්‍ර ලාංකිකයන්ගේ ගැටලු පිලිබදව එහිදී සාකච්ජා කළා.
අය කිරිමකින් තොරව පී සී ආර් පරික්ෂණ සිදුකිරිමද එක් ඉල්ලීමක්. ලෙබනනයෙන් පිටවීමට කැමැත්ත පළකර ඇති ශි‍්‍ර ලාංකිකයන්ගේ ලැයිස්තුවක්ද ඉල්ලා ඇති බවයි විදේශ අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
වීසා කාලය ඉක්මවා එහි රැඳී සිටින ශි‍්‍ර ලාංකිකයන් සම්බන්දයෙන්ද එහිදී සාකච්ජා කර තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/06/lebanan.jpg”]