ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට සැලසුම් කර ඇතැයි බ්‍රසීලය ප්‍රකාශ කලා.
ඇමරිකා එක්සත් ජනපදයද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවද දැනුම් දුන්නා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තීරණය අධ්‍යයනය කරමින් සිටින බවයි බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පවසන්නේ.
මේවන විට බ්‍රසීලයෙන් වාර්තාවී ඇති කොරෝනා ආසාධිතයන් ගණන හයලක්ෂ හතලිස් හය දහස ඉක්මවනවා. ලොව වැඩිම කොරෝනා මරණ වාර්තාවු තුන්වන රට වන්නේද බ්‍රසීලයයි.
කොරෝනා හේතුවෙන් සිදුවන හානියට වඩා වැඩි හානියක් රට වසා තැබීමෙන් සිදුවන බවයි බ්‍රසීල ජනාධිපතිවරයාගේ අදහස. එවැනි කරුණු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. විවාදාත්මක මතවලින් බැහැරව ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන බවට ද ජෙයාර් බොල්සොනාරෝ චෝදනා කරනවා.
එහෙත් ට්‍රම්ප් අනුගමනය කරමින් බ්‍රසීල ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය මුළුමණින්ම දෝස සහිත බව විදෙස් විශ්ලේෂකයන් සදහන් කළා.