ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වූ තුන් වන රට බවට බ්‍රසීලය පත්ව තිබෙනවා.
එම සංඛ්‍යාව 35047 ක්. ආසාදිතයන් හය ලක්ෂ හතලිස් හය දහසක් ද වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.
කොරෝනා හේතුවෙන් තවමත් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ආසාදිතයන් සංඛ්‍යාව දහනව ලක්ෂ හැටපන්දහස ඉක්මවනවා.
මියගිය ගණන එක්ලක්ෂ එකොලොස් දහස් තුන්සිය අනූ නවයක්. දෙවන තැනට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ එංගලන්තයෙන්.