මුඛ ආවරණ පැලදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
නීරෝගී පුද්ගලයන් මුඛ ආවරණ පැලදීම අවශ්‍ය නොවන බවටයි ඔවුන් මීට පෙර ප්‍රකාශ කළේ. එහෙත් කොරෝනා ව්‍යප්තිය පාලනය සදහා මුඛ ආවරණ පැලදීම ඉතා සුදුසු බව වත්මන් තත්වය යටතේ නිගමනය කළ හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.
පොදු ස්ථානවලදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පළදින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබාදී තිබෙනවා.
බිදිති මගින් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට සියලු දෙනා පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළදිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. බොහෝ රටවල් මේ වනවිටත් එම ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් සිටිනවා. ඇතැම් රටවල මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
රෝගී පුද්ගලයින් රෙදිවලින් නිෂ්පාදනය කළ මුහුණු ආවරණ නොව වෛද්‍ය ක්ෂේත්‍ර යේ භාවිතයට ගන්නා මුහුණු ආවරණ පැළදිය යුතුයි. ජනතාවට මුහුණු ආවරණ පළදින ලෙස දැනුවත් කිරීම් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටිනවා.