තමන්ට පනවා ඇති තරග තහනමට එරෙහිව පාකිස්ථාන ක්රීඩක උමාර් අක්මාල් ගොනුකළ අභියාචනය විභාග කිරීමට දින නියම කර තිබෙනවා.
ඒ අනුව ලබන 11 වනදා එය විභාග කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
පාකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලයට සහ උමාර් අක්මාල් ට ඒ පිලිබද නොතීසි ද නිකුත් කළා. ඔහුට තරග තහනම පනවා තිබෙන්නේ තරග පාවාදීමට එරෙහි නීති උල්ලංඝණය කිරිම යටතේයි.