බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයන් 25 දෙනෙකු නිවෙස් බලා පිටත්ව යයි.
මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 249ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 84 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.