එළඹුණු පොසොන් සමය සමාජය හා ජීවිතය දෙස තථාගත දහමට අනුගතව යතාර්ථවාදිව බැලීමට හා අවිහිංසාවාදි බුදුදහමේ ප්රභාව ලොවට හෙළි කිරිමට අවස්ථාවක් කරගත යුතු බව පොසොන් පොහෝ දින සුභපැතුම් පනිවිඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රකාශ කළා.
එය අනුබුදු මිහිදු මාහිමියන්ට කළහැකි වටිනාම උපහාරය බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. රට වර්තමානයේ මුහුණදි ඇති වසංගතය හමුවේ වුවද ශ්රී්ර ලාංකිකයන් ශිෂ්ඨාචාරගත පදනම වූ බෞද්ධ දර්ශනයෙන් බැහැරවී නැතැයි ද ජනාධිපතිතුමා සදහන් කළා.