ශ්‍රී‍්‍ර ලංකාවාසී බෞද්ධ ජනතාව ඉමහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුන් පසලොස්වක පොහොය දිනය අදයි. ශ්‍රී‍්‍ර ලාංකේය ජන සමාජය සමාජ සංස්කෘතික හා ආගමික , අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරිම උදෙසා අදවැනි පොසොන් පොහෝ දිනක සිදුවූ ඓතිහාසික සුවිශේෂ සිදුවිම් රැසක් හේතුවුණා.
මහා භාරතයේ තුන්වන ධර්ම සංඝායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පූර්ණ සහයෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රටවල් නවයකට ධර්ම දූතයන් පිටත්කර යැවීමට කටයුතු කළා. ඒ අනුව මිහිදු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්‍රසාල යන උප සම්පදා රහතන්වහන්සේ පස් නමක් මෙන්ම සුමන සාමණේරයන් වහන්සේ සහ පණ්ඩුක උපාසකත් ශ්‍රී‍්‍ර ලංකාවට එවීමටයි කටයුතු කළේ.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිදුවු අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය, මිහින්තලය පමණක් නොව ශ්‍රී‍්‍ර ලාංකේය ජන සමාජයම ආලෝකමත් වුණා. එතැන් සිට බෞද්ධ ජනතාව පොසොන් පොහෝ දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිදු මහරහතන් වහන්සේ අනුස්මරණය කරනවා.
කෙසේ වෙතත් රටේ උද්ගතව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආගමික ස්ථාන වලට එක්රැස් නොවන ලෙස සෞඛ්‍ය බලධාරින් සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
පුද්ගල දුරස්ථභාවය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් නිවාසවල සිට මෙවර පොසොන් පොහෝ දින ආගමික ප්‍රතිපදාවේ නිරත වන ලෙසටයි රජය ජනතාවට දැනුම් දෙන්නේ.
අද පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් මිහින්තලා ආලෝක පූජාව ඊයේ (04) සන්ධ්යාව් සිදු කෙරුණා. ඒ නිරෝධායන නීතියට අනුකූලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්.බෝධිපූජා පිංකමක් සිදු කෙරුණු අතර අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් මිිහින්තලා ආලෝක පූජාවක ද සිදු කෙරුණා. අද (05) රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අදට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා මිහින්තලා පූජා භූමියේදි රුක් රෝපණ වැඩසටහනකට ද එක්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් රජනාරල් සුනන්ද කාරියප්පෙරුම මහතා ප්‍රකාශ කළා.
සෞඛ්‍ය උපදෙස් වලට ගරු කරමින් නිවසේ සිට මෙවර පොසොන් උත්සවය සමරන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වි්ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.