අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිගණක ගත පාරිලෝකන විකිරණ අංශය විවෘත කිරිම පෙරවරුවේදී සිදුවුණා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. වසර 200 ක පමණ සිට මෙරට වසංගත රෝගීන් සදහා ප්‍රතිකාර සිදුකරන ජාතික බෝවන රෝග විද්‍යායතනය කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර ලබාදෙන කේන්ද්‍රස්ථානය ලෙසයි සැලකෙන්නේ. රෝහලට දැඩි අවශ්‍යතාවක්ව පැවති සී ටි ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය එකඟතාව පළකළා.
එහෙත් එය ස්ථාපිත කිිරිමට රෝහල් භූමිය තුළ ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන් ඒ සදහා ශ්‍රම දායකත්වය ලබාදෙන ලෙසයි නාවික හමුදාවෙන් ඉල්ලා සිටියේ. මොරටුව විශ්ව විද්‍යාලයේ 92, 93 ඉංජිනේරු සංගමය සහ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් ඊට මුල්‍ය දායකත්වය ලබාදුන්නා.
ඒ අනුවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ දින 50 ක් තුළ මෙම පරිගණකගත පරිලෝකන විකිරණ අංශය ස්ථාපිත කිරිමට හැකිවුණේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/06/pawi-2.png”]