වසංගතය හමුවේ පැනවූ සංචරණ සීමා ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබෙන්නේ එරට ජනතාවගේ දැඩි අප්‍රසාදය පළවන පසුබිමකයි.
සීමා ඉවත් කිරීම සඳහා සුදුසුම කාලය මෙය නොවන බවට එරට සෞඛ්‍ය අංශ පවා අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ පාසල් යළි විවෘත කළ ද මව්පියන්ගෙන් සියයට 46ක ප්‍රතිශතයක් දරුවන් සිය නිවෙස්වල රඳවාගෙන ඇති බවයි. කෝවිඩ් වසංගතය හේතුවෙන් යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්.