fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි සක්‍රීය කිරීමේ කටයුතු ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 12:36

මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි සක්‍රීය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ අක්‍රීය තත්ත්වයේ පැවති මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි සක්‍රීය කිරීමට රජය පියවර රැසක් ගනිමින් සිටිනවා. ඒ අනුව ගුවන්තොටුපොළේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 8 ක නියෝජිතයන් මත්තල ගුවන්තොටුපොළට පැමිණියා. එමෙන්ම ඉදිරි වසර 2 ක සඳහා මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන හා නවතා තබන ගුවන් යානා ගුවන් තොටුපොළ බද්දෙන් නිදහස් කිරීමට ද කටයුතු කෙරෙනවා. ගුවන් මගීන්ගෙන් අය කෙරෙන බදු ගුවන් තොටුපොළ බද්දෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන ඇති බවයි මත්තල ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලංසූරිය මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්