ඇමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝජ් ෆ්ලොයිඩ් නම් වූ නිරායුද කලු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන වැඩතහනමට ලක්කර සිටින පොලිස් නිලධාරීන් සිව් දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියාට අධිචෝදනා ගොනුකර ඇති අතර සෙසු නිලධාරීන් තුන්දෙනාට ඊට ආධාර අනුබල දීමේ චෝදනාවයි ගොනුකර ඇත්තේ. මෙම සිද්ධිය මුල්කර ගනිමින් ඇමෙරිකාවේ ක්‍රියාත්මක විරෝධතා පනවා ඇති ඇඳිරිනීතිය ද නොතකමින් තවදුරටත් ක්‍රියාත්මකයි.
කෝවිඩ් ව්‍යාප්තියේ දී මෙන්ම විරෝධතා පාලනයේදී ද කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල විවේචන එල්ලවෙමින් පවතින පසුබිමක ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බිරිඳ සහ දියණිය ඊයේ පළමුවරට මාධ්‍ය හමුවකට පෙනී සිටියා. විරෝධතා හේතුවෙන් ධවල මන්දිරය අවට යුද හමුදාව යොදවා ඇති අකාරය විදෙස් මාධ්‍ය ඊයේ වාර්තාකර තිබුණා. ඊට අමතරව සුදු ජාතිකයන්ගෙන් කළු ජාතිකයන්ට සිදුවන හිරිහැරවලට විරෝධය පළකරමින් ලොව රටවල් රැසක ද විරෝධතා ආරම්භ වී තිබෙනවා.