fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහමැතිවරණයේ දිනය කවදාද? ලබන සදුදාට කියන්න මැකෝගේ සූදානමක්

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 18:00

ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පැවැත්වුණා. ඒ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයී. මැතිවරණ කොමිෂම ලබන සදුදා (08)යළි රැස්වීමට නියමිතයි.

එහිදී ඉදිරි මහමැතිවරණය පැවැත්වීමේ දිනය පිලිබද පුළුල් වශයෙන් කරුණු සාකච්ඡා කෙරෙනු ඇති. මනාප අංක සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්