fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිමෙන්ති සංස්ථාවට කෝටි 40 ක පාඩුවක් සිදුවී ඇති බවට පාලනාධිකාරියෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 17:34

සිමෙන්ති සංස්ථාවට කෝටි 40 ක පාඩුවක් සිදුවී ඇති බවට පාලනාධිකාරියෙන් චෝදනා

පසුගිය රජය සමයේ පුත්තලම අරුවක්කාලු හුණුගල් නිධිය අයථා ලෙස බදු දීමෙන් ලංකා සිමෙන්ති සංස්ථාවට රුපියල් කෝටි 40 ක පාඩුවක් සිදුව ඇති බවට වත්මන් පාලනාධිකාරිය චෝදනා කරනවා.

අරුවක්කාලු හුණුගල් නිධිය බදුදී ඇත්තේ පසුගිය රජය සමයේ මැතිවරණයට ආසන්න තිබියදී බව ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පවසනවා. අක්කර 5142 කින් සමන්විත මෙම නිධිය අයත් භූමිය බදුදීමේදි වසර 05 කට වරක් බදු මුදල වැඩිවීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් ඊට පටහැනිව යමින් අයතා ලෙස හුණුගල් නිධිය බදු දීම නිසා සංස්ථාවට රුපියල් කෝටි 40 ක පාඩුවක් සිදුව ඇති බව සභාපතිවරයා පවසනවා. මේ සම්බන්ධයෙන්  එවකට ඇමතිවරයාව සිටි රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු කිහිප දෙනෙකුට චෝදනා එල්ල කරමින් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස සභාපති නීතිඥ ගාමිණී ඒක නායක මහතා පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් භාර දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්