fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණය ගැන ඉදිරි පියවර තීරණය කිරිමට කොමිසම අද රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 10:17

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධ ඉදිරි පියවර තීරණය කිරිම සදහා මැතිවරණ කොමිසම අද (03) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

පෙරවරුවේ සාකච්ඡාව පැවැත්වෙන බවයි කොමිෂන් සභාව සදහන් කළේ. කොමිසමේ සාමාජිකයන් තුන් දෙනාම අද (03) රැස්වී මැතිවරණ දිනය ඇතුළු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළා. එහෙත් සෞඛ්‍ය අංශවල නිර්දේශ ලැබීමට නියමිතව ඇත්තේ මේ සති අන්තයේ බවයි මහින්ද දේශපි‍්‍රය මහතා පෙන්වා දුන්නෙ.

මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්විමට මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය හා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබු ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරිමටයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තින්දු කළේ.

ඒ අනුව මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා. අපේක්ෂකයන්ගේ නම් සහ මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරිමටයි කොමිසම අපේක්ෂා කරන්නෙ.

මේ අතර නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. නිල ඡන්ද පති‍්‍රකා මිලියන 17කට වැඩි සංඛ්‍යාවක් මුද්‍ර‍්‍රණය කරන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්