fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිර ගෙවල් ඇතුළේ කෙරෙන පාතාලය නැති කොට රටේම පාතාලය මඩින්න ජනපතිගෙන් දැඩි තීන්දු

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 18:56

පාතාල නායකයන් , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා.

රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිෂ්චිත තොරතුරු හෙළිවී තිබෙනවා. ඒ පිළිබඳව ජනතාව අතර පවතින මතය ද ඉතා කණගාටුදායක බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. මෙය නිවැරදි කළ යුතු අතර බන්ධනාගාර ඇතුළත ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කළ යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා.

බන්ධනාගාරය හෝ පොලීසිය බිඳවැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එය බලපාන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. කුමන දේශපාලන මතයක් දැරුව ද නිලධාරියෙකු නිවැරදි දේ කරන්නේ නම් එය අනුමත කළ යුතුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම විධිමත් කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළා.ආරක්ෂක ලේකම් , යුද හමුදාපති , පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදුකළ යුතුයි. නිලධාරීන් පුහුණු කිරීම , දිරිගැන්වීම ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමුකිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා. දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනා ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගතයුතු බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්