fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාස 2 කට පසු වව්නියාවේ ඇගලුම් කම්හලවල නිෂ්පාදන කටයුතු යළි ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 18:14

මාස 2 කට පසු වව්නියාවේ ඇගලුම් කම්හලවල නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කෙරුණා. ඒ තරුණ තරුණියන් පන්දහසකට අධික පිරිසකගේ රැකියා යළි සුරක්‍ෂිත කරමින්.

කොරෝනා වසංගතය හේතුවෙන් වව්නියාව ප්‍රදේශයේ ඇගලුම් කම්හල් ද වසා දමා තිබුණා. සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව එම කම්හල්වල නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කෙරුණේ පන්දහසකට අධික තරුණ තරුණියන්ට යළි රැකියා අවස්ථා ද උදා කරමින්. යුරෝපා රටවලින් ඇගලුම් නිෂ්පාදන සඳහා විශාල ඇණවුමක් ලැබී ඇති බව ඇගලුම් කම්හල් හිමියන් පවසනවා. විශේෂයෙන් නිමි ඇදුම් හා මුඛ ආවරණ සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි ඔවුන් සඳහන් කළේ. මෙම ඇගලුම් කම්හල්වලට සේවකයන් ඇතුලු වන ස්ථානයේ සිට සේවා අවසන් වන තෙක්ම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ආකාරය දැකගත හැකිවූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්