නල්ලතන්නිය වාලමලෙයිවත්ත ප්‍රදේශයේදී තුවාල ලබා සිටි දුර්ලභ ගණයෙ කළු කොටියා මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව අමාත්‍ය එච් එම්චන්ද්රසේන මහතා ප්‍රකාශ කළා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාඥයින් පිරිසක් ද ඊට සම්බන්ධව සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කළු කොටියා මියයාමේ සිද්ධිතය පිළිබද පැහැදිලි අවසන් නිගමනයකට එළඹීම පරික්ෂණයේ අරමුණ බව ද එස් එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා.