fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා රෝගීන් සොයා මේ වන විටත් රට පුරා PCR පරීක්ෂණ  66,421ක්

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 11:42

මෑත කාලයේ රෝගීන් අඩුම සංඛ්‍යාවක් වාර්තා වූයේ ඊයේ දිනයේදී බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 10 දෙනා ද සමඟින් මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියා.

අද දිනයේදී නාවික හමුදා සාමාජිකයන් 4 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

මේවන විට රෝහල්වල 821 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 65 දෙනෙකු සිටින බවයි වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරන්නේ.

මේ වන විට PCR පරීක්ෂණ 66421 ක් ද සිදු කර තිබෙනවා. වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ 150 ක්.ගම්පහ දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙකුද  පුත්තලම දිස්ත්‍රික්යෙන් 35 දෙනෙකුද රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්