මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් සිංහරාජ වැසි වනාන්තරය ආශ්රිත ජල උල්පත් සිදීයාමේ තත්ත්වයක් උද්ගතව ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.
ශ්රී ලංකාවේ ප්රධාන වැසි වනාන්තරය වන සිංහරාජය ආශ්රිතව ස්වභාවික ජල උල්පත් රැසක් පවතිනවා. මගුරුකන්ද , රූනකන්ද හා කලුගඟ රක්ෂිතය ආශ්රිත ජල උල්පත්වලින් ආරම්භ වන මගුරුගඟේ මුල් කොටස වන බාදුරා ඇළ ද මේ නිසා සිදීයාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. අධික ලෙස වෙනිවැල්ගැට කැපීමට කැළෑව වැනසීම මෙන්ම අනවසර වගා ද මෙයට හේතුවනවා. ඇතැමුන් බැකෝ යන්ත්ර ද භාවිත කරමින් රක්ෂිත වනාන්තරය වගා කටයුතු සඳහා සූදානම් කරන බවයි ප්රදේශවාසීන් පවසන්නේ. අදාළ නිලධාරීන්ට පැමිණිලි කළ ද ඵලක් නොවන බවට ප්රදේශවාසීන් චෝදනා කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ysF5ipBdGXE”]