ගල්කිස්ස වෙරළතීරයට පොම්ප කරන වැලි මුහුදට ගසාගෙන ගොස් මහජන මුදල් අපතේ යන බවට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් නගන චෝදනා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා.
වෙරළ ඛාදනය වැළැක්වීමට අදාළ කටයුතු සිදු කිරීම සදහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුට බලය පැවරී තිබෙනවා. ඒ අනුව කලුතර කැලිඩෝ, රත්මලාන අගුලාන සහ ගල්කිස්ස වෙරළ තීරයන්හි වැලි පෝෂණය සදහා ව්‍යපෘති ක්‍රියාත්මක කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 890 ක්. වැලිපෝෂණ ව්‍යාපෘතියේ අරමුණ වූයේ වෙරළතීරය තවදුරටත් වර්ධනය කිරීම බවයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කළේ. විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් නගන චෝදනාවලටද මෙම මාධ්‍යහමුවේදී පිළිතුරු ලබා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2uADXf4wsB0″]