fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතියයි සෞඛ්‍යයි හොඳ වෙනකල් නැකත් බලන මැකෝ

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 18:12

නීතිමය බාධාවක් නොමැති නම් මීලග මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සූදානම්  බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සෞඛ්‍ය උපදෙස් අනුව මිස මහමැතිවරණය  කල් දැමීමට මැතිවරණ කොමිසමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

අද පැවති මාධ්‍ය හමුවකදීයී මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේ. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මැතිවරණයට අදාළ සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි.  තැපැල් ඡන්ද අයදුම්පත් ක්‍රියාවලිය අවසන් කර තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද ඇතුලත් වන බැවින් මෙවර මැතිවරණ සදහා සම්බන්ධ වන නිලධාරීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් සිදුවනු ඇති. මෙවර මහමැතිවරණයට වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් කෝටි 650 ත් 700 ත් අතර වනවා. කොරෝනා ව්‍යසනයත් සමග එම මුදල වැඩි වුවද කිසිදු මූල්‍ය බාධාවක් නැති බවයි ඒ මහතා අවධාරණය කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්