fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 14:11

ඊයේ දිනයේ දී අභ්‍යාවකාශ ගත කෙරුණු ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අද පැමිණ තිබෙනවා.

ඇමෙරිකානු අභ්‍යවකාශ ඉතිහාසයේ විශිෂ්ට පියවරක් සනිටුහන් කරමින් ස්පේස් එක්ස් අභ්‍යවකාශ ටැක්සි සේවාව ඊයේ ආරම්භ කෙරුණා. එම අවස්ථාව සජීවීව නැරඹීම සඳහා දහස් ගණනක් ජනතාව මෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ෆ්ලෝරිඩාවට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා. 2011 වසරෙන් පසුවයි ප්‍රථමවරට අභ්‍යවකාශ යානායක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලගා වූයේ. ඇමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරික එලන් මස්ක් විසිනුයි මෙම ටැක්සි සේවාව ආරම්භ කිරීමට අරමුදල් සම්පාදනය කර ඇත්තේ. නාසා ආයතනයෙන් පරිබාහිරව අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා පෞද්ගලික සමාගමක් මුදල් යොදවන්නේ පළමුවරටයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්