fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණය ගැන තීන්දුව අදවත් ලැබෙයිද? නැද්ද? – 10 වෙනි දිනටත් අධිකරණය රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 12:00

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොණු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ 10 වන දිනටත් සළකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සළකා බැලීම සිදු වනවා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන නඩු නිමිත්ත දේශපාලන කාරණා සමඟ බැදී තිබුණද තමා සම්පූර්ණයෙන්ම නීතිමය කාරණා මත පදනම්ව කරුණු දක්වන බව ප්‍රකාශ කළා. මෙම නඩුව ගොණු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට කිසිඳු නීතිමය පදනමක් නොමැති බව වගඋත්තර පාර්ශ්ව අධිකරණය හමුවේ කරුණු දක්වමින්ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දින් මහතා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් පිළිගත් දේශපාලන පක්ෂ හා මීට පෙර ද විවිධ අවස්ථාවන්හි මහජන නඩුකරයන් ඉදිරිපත් කළ පාර්ශ්ව බවටයි පෙන්වා දුන්නේ.පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වෙන දිනය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කිරීමට ඔවුන්ට කිසිඳු නීතිමය බාධාවක් නොමැති බවට සුමන්තිරන් මහතා තර්ක කළා. පෙත්සම් සළකා බැලීම තවදුරටත් සිදු කෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්