ගිරිතලේ දියබෙදුම ප්රධාන මාර්ගයේ ගිරිතලේ තුනේ කණුව ප්රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලැබුවා.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. අකුරණ සිට කදුරුවෙල දක්වා පැමිණි වෑන් රථයක් හා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. අනතුරෙන් වෑන් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා. වෑන් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.