අභාවප්රාප්ත හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතාගේ දේහයට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා.
හෙට දහවල් 12 තෙක් ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙන දේහය බදුල්ලේ පිහිටි සිය නිවසට රැගෙන යාමට නියමිතයි.
ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙස ඒ මහතා කටයුතු කළා. මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වනවා දේහය තැන්පත් කර ඇති ජයරත්න මල්ශාලාවෙ වෙත ගිය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවා.
අග්රාමාත්යවරයා පවුලේ ඥාතීන්ට සිය ශෝකය ද පල කළා.මාර්ෂල් පෙරේරා මහතාගේ පිළිබඳ අවසන් කටයුතු ලබන 3 වනදා බදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/zv1Pc2XceVw”]