fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇදිරියත් එක්කම කදුකරයම අදුරු කරමින් තොන්ඩමන් සගයන්ටත් හිත මිතුරන්ටත් සමුදෙයි

ITN News Editor
By ITN News Editor මැයි 31, 2020 19:58

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නොර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගනයේදී සිදු කෙරුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් අවමංගල්‍යය උත්සවයට සහභාගි වුණා.

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වුණා. එදා සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා ජීවිතයෙන් සමුගන්නා අවස්ථාව තෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළා. වත්මන් රජයේ ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ඒ මහතායි.

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද පෙරවරුවේ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත්කර තිබුණා. අනතුරුව අද (31) දහවල් 1 ට පමණ අවමංගල්‍ය උත්සවය පැවති නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගනය වෙත දෙහය රැගෙන ඒම සිදුකෙරුණා. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව අවමංගල්‍යය උත්සවයේ සියලු කටයුතු පැවැත්වුණා. නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගනයේදී දේහය තැන්පත් කිරිමෙන් පසු බෞද්ධ ආගමික වතාවත් මෙන්ම හින්දු ආගමික වතාවත් සිදුකෙරුණා.

අනතුරුව ආරම්භ කෙරුණු අවමංගල්‍යය සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා යොමු කළ ශෝක පණිවුඩය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ තොන්ඩමන් මහතා වතු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් අරගල සිදු කළ සැබෑ නායකයෙකු බවයි.

ජීවන් තොන්ඩමන් මහතා අදහස් දක්වමින් කියාසිටියේ තම පියාණන් අවසන් කළ තැනින් දේශපාලන ගමන ආරම්භ කරන බවයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2020 19:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්