දිවයිනටම හෙට අලුයම 4ට ඇදිරිය අවසන් – යළි රාත්‍රී 10ට
Related Articles
සමස්ත දිවයිනටම අද (31) දිනයේ ඇදිරිනීතිය ක්‍රියාත්මකයි. නිරෝධායන ඇදිරිනීතියට ගරු කරමින් ජනතාව නිවෙස් තුළම සිටීම අද දිනයේ විශේෂයෙන් දැකගත හැකි වුණා.
අද (31) දිනයේ ක්‍රියාත්මක ඇදිරිනීතිය හෙට (01) අලුයම 4 ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. හෙට (01) රාත්‍රී 10 ට ඇදිරිනීතිය යළි පැනවෙනවා.
අගහරුවාදා හා බදාදා දිනයන් හිදී සමස්ත දිවයිනටම ඇදිරිනීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. එළඹෙන බ්‍රහස්පතින්දා හා පොසොන් පොහොය යෙදෙන සිකුරාදා දිනයේදී දවස පුරාම ඇදිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
සෙනසුරාදා අලුයම 4 ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය යළි දැනුම් දෙන තුරු සෑම දිනකම රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා බල පැවැත්වෙනවා. කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා.
මේ අතර නිරෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි පොලීසිය පවසන්නේ.