fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොබෝ බුද්ධියෙන් මාධ්‍ය බුද්ධිය යට වේ – මයික්‍රො සොෆ්ට් මාධ්‍යවේදීන්ට රැකියා අහිමිවේ

ITN News Editor
By ITN News Editor මැයි 31, 2020 19:24

ලොව විශාලතම පරිගණක තාක්‍ෂණ ආයතනය වන මයික්‍රො සොෆ්ට් සමාගම සිය වෙබ් අඩවිය සංස්කරණය කරන මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් යොදා ගැනීමේ සැලසුමක් පිළිබද වාර්තා වනවා.

ඒ අනුව මයික්‍රො සොෆ්ට් එම් එස් එන් වෙබ් අඩවියේ කොන්ත්‍රාත් මාධ්‍යවේදීන් 50 දෙනෙකුට පමණ ලබන මාසය අවසන් වන විට රැකියා අහිමි වනු ඇති බව සදහන්. මයික්‍රො සොෆ්ට් ආයතනය සදහන් කළේ නිරන්තර ඇගයීමකට අදාළව මෙලෙස රොබෝවරුන් සේවය සදහා යොදා ගන්නා අතර එය කෝවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයට සම්බන්ධ තත්ත්වයක් නොවන බවයි.

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සංස්කරණ කටයුතු මෙහෙයවීමට අරමුණයි. කෙසේ වෙතත් රොබෝවරුන්ට තමන් මෙන් නිසි සංස්කරණ මාර්ගෝපදේශ පිළිපැදීමට හැකියාවක් නොමැති බවයි රැකියා අහිමිවන මයික්‍රො සොෆ්ට් මාධ්‍යවේදීන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2020 19:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්