අභාවප්රාප්ත හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
හෙට (01) දහවල් 12 තෙක් එහි තැන්පත් කෙරෙන දේහය බදුල්ලේ පිහිටි සිය නිවසට රැගෙන යාමට නියමිතයි.
ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙස ඒ මහතා කටයුතු කළා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 3 වනදා බදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/B7RNqBJWw8s”]