එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ලක් වූ පිරිසට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සදහා දින 07 ක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති කබීර් හෂීම් මහතා පවසන්නේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල නොවන බවයි. කෙසේ වෙතත් අත්හිටවූ සාමාජිකයන් පිලිබද ඉදිරි තීරණ ගැනීම පක්ෂ නායකත්වයට පවරා තිබෙනවා.
සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු 99 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායකත්වය ගත් තීරණය එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කළා. ඒ ඒ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.ඒ අනුව පක්ෂයේ කෘතාධිකාරී මණ්ඩලයට අලුතෙන් සාමාජිකයන් 07 දෙනෙකුද පත් කෙරුණා. සන්ධිත් සමරසිංහ, ආශුමාරසිංහ, පාලිත තෙවරප්පෙරුම, නාලක කොලොන්නේ , යන හිටපු පාර්ලිමේන්තුවරුන් හා ශාන්තිනී කෝන්ගහගේ, චානක ඉලේපෙරුම හා අස්මි කාසිම් යන මහත්ම මහත්මීන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබෙනවා. මින් පෙර නියෝජ්‍ය නායක ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතාගෙන් එම තනතුර ඉවත් කර ඇති අතර පක්ෂයේ උපනායක ලෙස කටයුතු කළ රවී කරුණානායක හා ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් තවදුරටත් එම තනතුරුවල කටයුතු කරනවා.මේ අතර පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සාමාජිකයන් 99 දෙනා අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආචාර්ය හර්ෂද සිල්වා, එස්.එම් මරික්කාර, මුජබුර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, රන්ජන් රාමනායක, ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා , ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් අලුවිහාරේ, වසංත අලු විහාරේ, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, බුද්ධික පතිරණ, සජිත් ප්‍රේමදාස, ජේ.සී අලවතුවල, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා, පී. හැරිසන්, චන්ද්රාණ් බණ්ඩාර, වඩිවේල් සුරේෂ්, තලතා අතුකෝරල, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න හා රංජිත් මද්දුම බණ්ඩාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වනවා.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට සුදුසු පුද්ගලයකු නොවන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/q4bbncFwhd8″]