ලොව වයස්ගතම පුද්ගලයා මිය ගිය බව අද බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර සිටියා.
බොබ් වෙයිටන් නම් මෙම පුද්ගලයා මිය යන විට වයස අවුරුදු 112 ක්. බ්‍රිතාන්‍යයේ හැම්ෂර් ප්‍රාන්තයේයි ඔහු වාසය කළේ. ජපානයේ චිටෙට්සු වටනබේ වසර 112 ක් ආයු වළඳා පසුගිය වසරේ මිය ගිය පසුයි බොබ් වෙයින්ටන් ලොව වයස්ගතම පුද්ගලයා බවට පත් වූයේ.
පසුගිය මාර්තු 29 වෙනි දිනට වෙයිනටන්ගේ 112 වන උපන්දිනය යෙදී තිබූ අතර කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් උපන්දින සැමරුමක් සිදු නොකළ බව බීබීසී නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.