ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ටේරිලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 දෙනෙකු රැගත් ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපොලට ලගාවුණා. ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදා සාමාජිකයන් 18 දෙනෙකු රැගත් යූ එල් 1042 විශේෂ ගුවන් යානය අලුයම 4.45 ට කටුනායකට ලගාවු බවයි ගුවන් තොටුපොල අප වාර්තාකරු සදහන් කළේ.
ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යූ එල් 605 විශේෂ ගුවන් යානය ඕස්ටේරිලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රි ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන අද (30) අලුයම 5.50 ට කටුනායක ගුවන් තොටුපොලට ලගාවුණා.
මෙලෙස පැමිණි සියලු ගුවන් මගීන් නිරෝධායන කටයුතු සදහා යොමුකිරිමටයි පියවර ගෙන තිබෙන්නේ.
මේ අතර විදේශයන්වල සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති පිරිස හයදහසකට ආසන්න බව විදේශ සබදතා අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති ඇල්පිටිය මහත්මිය ප්‍රකාශ කළා.
අනෙකු් ශ්‍රී ලාංකිකයන්ද ක්‍රමානුකුලව ගෙන්වා ගන්නා බවයි රුවන්ති ඇල්පිටිය මහත්මිය සදහන් කළේ.