අද (30) දවස පුරා නුවරඑලිය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා හැර එම දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලු ගමනා ගමන කටයුතු තහනම් බවයි පොලීසිය පවසන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙම නිරෝධායන ඇදිරි නීතිය අද (30) දවස පුරා ක්‍රියාත්මක අතර හෙට (31) දිනයේ සමස්ථ දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය බලපැවැත්වෙනවා. ජුනි පළමු වන සඳුදා සිට ජුනි 3 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි.
ජුනි 4 වන බ්‍රහස්පතින්දා හා ජුනි 5 සිකුරාදා යන දින දෙකෙහිම රට පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි රජය නිවේදනය කර ඇත්තේ. ජුනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.